තේම්ස් නදිය අසබඩ සිහිල් සුලං හමායන සුනදර සැදෑවක පෙම්වතියගේ ආදර බස් මිමිනුමට කන්දී සිටින විට කොතරම් සතුටක් දැනෙනවාද.
විසල් නිවියෝර්ක් නගරයේ සුපිරි වෙළද සැල්වල සවාරිය කෙතරම් ආශ්වාදනීයද.
ඇත්තෙන්ම කරුණු යම් පමණකට එකතු වූ විට සතුට උපදවන්නට මේ සිතට ඈති හැකියාව මහා පුදුමාකාරය.
භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට අවැසි වූයේද පෙර පසු සිදුවන බාධාවලින් තොරව ඹබේ සිතේ සතුට සැමදා පවත්වන්නටයි.
නමුදු උන්වහන්සේ අපට පෙන්වා දෙන්නේ ඉහතින් කී ඹබ ලබන ( තේම්ස්, නිව්යෝර්ක්, ) සතුට කාලය විසින් වෙනස් කර දුකට හැරවෙන බවත් සැමදා සිතෙහි සතුට විදිය හැකි මාර්ගය අනුගමනය කළ යුතු බවත්ය.
භාග්‍යවතුන් වහන්සේ තේම්ස් නදිය අසබඩ සිහිල් සුලං හමායන සුනදර සැදෑවක පෙම්වතියගේ ආදර බස් මිමිනුමට කන්දී සිටින ඹබ හෙට දිනයේ ජීවිතයම අදුරු කරන නඩුවකට පැටලෙනවාට කැමති නැත.
විසල් නිවියෝර්ක් නගරයේ සුපිරි වෙළද සැල්වල සවාරිය අවසන් කර පසුදා ආදර දියණියගේ අකල් වියෝවෙන් වැළපෙනවා දකින්නට උන්වහන්සේ කැමති නැත. මෙයයි බුදු වරයෙකුගේ මහා කරැණාව.
උන්වහන්සේ ඹබට පෙන්වා දෙන්නේ බාහිර හේතුමත අවසන් නොවන සතුටයි. බිය නොවන්න . ඹය සතුට දෙගුණ තෙගුණ වනවා සහතිකයි. සිතන්න....
ඹබගේ පරිගණකයෙහි ලිපිගොණුවක ඹබ කැමතිම සිනමා පටයක් වෙයි. නමුදු එය පලුදු වූ විනාඩි 3ක පමණ කොටසකි.ඇත්තටම කිවහොත් එම සිනමා පටය හරියට පරිගණකයට කොපි වී නැත. ධාවනය වන්නේ විනාඩි 3ක් පමණි.
මිතුරෙක් ඹබට සම්පූර්ණ සිනමා පටය කොපි කරගන්නට ගෙනැවිත් දෙයි. දැන් ඹබ පරිගණකයට කොපි කරන විට මේ නමින්ම කලින්ද ෆයිල් එකක් තිබෙන බව පවසා එය රිප්ලේස් කරන්නද අසයි. ඹබ මෙය Yes කළ විට ඹබට කලින් තිබූ විනාඩි 3නේ ෆයිල් එක වෙනුවට සම්පූර්ණ සිනමා පටයම ලැබෙයි.
භාග්‍යවතුන් වහන්සේද සත්තිස් බෝධිපාක්ෂික ධර්ම මගින් ඹබේ සිතේ සුලු සතුට වෙනුවට ලබා දෙන්නේ මුලු මහත් සතුටයි.
සිතට යම් සතුටක් දැනුණු විට සිතන්න බාහිර දෙයින් අවසන් නොවී සැමවිට රැදෙන සතුට ගැන.
No comments:
Post a Comment