Wednesday, March 23, 2011

ඔබගේ පෑන් පේජ් එකෙහි ලක්ෂගණනක් පෑන්ස් ලා අතරින් සියයට අනූනවයක්ම ටීන්ස් වයසේ ගැහුණු ළමයින්ය.

සිතන්න ........................................................................................................................................................................................ඔබ ලොව පුරා ප්රසිද්ධ පාපන්දු තරැවකි. වයස තවම අවුරැදු 21 කි. සුපිරි වෙළද සමාගම් හා ඔබ ඈතිකරගෙන ඈති ගිවිසුම් නිසා යම්තම් රැව පෙන්වන ඈසිල්ලට වෙළද සමාගමෙන් ඔබටඩොලර් කෝටි ගණන් ලැබේ. ඔබ එහෙමෙහෙ ඈවිදිමින් කාළය ගෙවන්නේ යුරෝපා රටවලය. ඔබ වෙසෙන සුපිරි නිවසෙහි බිත්තියක් වැසෙන්නට ඈති සුවිසල් ඉ-තිරයට ලොවපුරා තොරතුරැ සිනමා පට ගීත ඈල්බම් ගලා එයි. ඔබගේ පෑන් පේජ් එකෙහි ලක්ෂගණනක් පෑන්ස් ලා අතරින් සියයට අනූනවයක්ම ටීන්ස් වයසේ ගැහුණු ළමයින්ය. ඔවුන් ඕනෑම කෙනෙක් ඔබ හා චැට් කරන්නට එක පයින් සූදානමින් සිටී. ඔබගේ පෙම්වතිය පිරපුන් සුන්දරත්වය ඈති පුංචි සුරගනකි. සුපිරි වෝල්වෝ රථයේ නැගී ඔබ ඈය හා මල් වරැසාවේ අනන්තයට යන පාර දිගේ සැරි සරන්නේය.ඈපල් සමාගමෙන්  ලැබුණු අයි-පෑඩ් එකෙන් මැක් බුක් එයාර් වලින් ඈය ලග නැතිවිට සල්ලාපයේ යෙදෙන්නේය. අහා ඔබ විදින සැප! ජීවිතය සුන්දරද මෙතරම්. ඔබ කියනු ඈති.

මේ අතර කාමයන්ගේ ආදීනව ගැන දේශනා කරන භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ඔබට අසන්නට ලැබේ. ඔබ මේ මොහොතෙහි ගතකරන දිවිය ගැන හිතා මත් වී ඔබ භාග්‍යවතුන් වහන්සේට ද්වේශ කරනු ඈත. උන්වහන්සේගේ රැව යට ඈදුමකට අදිනු ඈත. උන්වහන්සේගේ රැව රැගත් සපත්තු පළදිනු ඈත. බාර් එකක් සදහා බුද්ධ බාර් වැනි නමක් යොජනා කරනු ඈත.

අපොයි ඔබට වැරදී ඈති තරම ! භාග්‍ය වතුන් වහන්සේට අවශ්‍ය ඔබ ඔය කලින් කියූ සැප සදාකාලිකව ඔබ සමග තියන්නට කියා ඈයි ඔබට තේරැම් ගන්න බැරි.

නමුදු උන් වහන්සේට ඔබ වෙනුවෙන් සත්‍යය සගවන්නේ නැතිව කියන්නට සිදුවූනි.මන්ද මෙම සත්‍යය පසක් කිරීමෙන් ඔබ, පෙර-පසු

තැවීමෙන් තොර, අනාගත බියකින් තොර, ශාන්තිය අත්දකින නිසාය

උන්වහන්සේට අවැසි වූයේ ලෙඩ නොවන ජීවිතයකි

වයසට නොයන  ජීවිතයකි     

ප්‍රිය දේ අත්හරින්නට නොවන දිවියකි     

අප්‍රියදේ හා එකතු නොවන දිවියකි     

අමරණිය දිවියකි

උන්වහන්සේ එය නියම ක්රමයෙන් සොයාගත් සේක.උන්වහන්සේ ජයගත් සේක.

පැවතුණු පවතින අනාගතයේ ඈතිවිය හැකි දුකට සදාකාලිකව ආයුබෝවන් කීසේක.

නමුදු ඔබ සැපය කියා සිටින දෙය සැබැවින්ම සැප නොවන අතර දුකනම් වූ අමිහිරි දෙයෙහි නිර්මාපකයා බව ඔබ තේරැම්ගෙන නැත.

දුක ඈත්තේ ඔබ ළගය ඊට හේතුව ඈත්තේද ඔබ ළගය

ඉදින් ඈයි ඔබ චොදනා කරන්නේ. ඔබට සත්‍යය නොවැටහෙන්නේ ඔබ ගොඩනගාගත් ඔබේම ලෝකය නිසාය.

බුදුරජානන් වහන්සේ ඔබ රැවටී සිටින කාමයන් අතහරින්න කීවේ ඔබේ සැපය උදුරාගෙන නොවේ.ඒවෙනුවට ධ්‍යාන සුවය-කාමයෙන්

වෙන්වීමේ සුවය ළබා දෙමින්ය. අනිත්‍ය වූ ධ්‍යාන සුවයෙහි අනිත්‍ය බව පෙන්වූයේ නිරෝධ සුවය ඔබ අතට ලබා දීමෙනි.

කොටින්ම කියතොත් අනිත්‍ය වු වේදයිත සුවයෙන් ඔබ මෑත් කලේ අවේදයිත සුවය ඔබ අතට ලබා දීමෙනි.

No comments:

Post a Comment