ඉගෙන ගෙන අවුලක් ද ? අහුවෙලාද ? බ්‍රහ්මජාල සූත්‍රය කියවා මහා වැටහීම ලබාගන්න.
සමස්ථ බ්‍රහ්මජාල සූත්‍රය ගත්විට එය පෙරත් මෙකලත් මතුවටත් ඈතිවන දෘෂ්ටි මතවාද තර්ක විද්‍යාවන්ට මරු පහරකි. මන්ද යත් එය සියලු කල්හි සියලු ආකාරයෙන් ඈතිවන සියලු දෘෂ්ටි හට ගැන්මේ මූල ස්වභාවය දක්වන නිසාය.
අද අප ඈතැම් තර්ක නගන්නේ තමා මේ මේ කරැණ දන්නවාය කියාය. නමුදු භාග්‍යවතුන් වහන්සේ දක්වන්නේ මිත්‍යා දෘෂ්ටි ඈතිවීම මහා චිත්ත වර්ධන හුරැ කළ අයටත් සිදුවන බවය. බ්‍රහ්මජාල සූත්‍රයේ උන්වහන්සේ පෙන්වා දෙනවා යම් පුද්ගලයන්
ආතප්පමන්වාය = උත්සාහකොට
පධානමන්වාය =වීර්ය කොට
අනුයොගමන්වාය = පුන පුනා විර්ය වඩා
අප්පමාදමන්වාය = පමා නොවී
සම්මාමනසිකාරමන්වාය = හොද මෙනෙහි කිරීමකින් යුතුව
සංවට්ට විවට්ට කල්ප දක්වා පෙර ජීවිත දැකිමේ හැකියාව ලබාගෙන එම දෘෂ්ටියට හසුවීම නිසා ඹහුට පසක් වූ සත්‍යයක් සේ රැවටෙන බවය. මෙවන් දෘෂ්ටි ගණනාවක් මෙම සූත්‍රයේ සදහන්ය. අතින්ද්‍රිය ඥාන ලද්දෝ මෙසේ හසු වේනම් කෙටි කාල පරාසයක් තුල ඈසූ දුටු ලෝකය හා මෙවලම් උපමානයන් භාවිත කොට අප අද ඉදිරිපත් කරන ගොඩනගා ගත් තර්ක මතවාද කොතරම් දිළිදුද. භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාරන්නේ උන්වහන්සේගේ දහම මෙතරම්ම
ගම්භීරා = ගැඹුරුවූ
දුද්දසා = සාමාන්‍ය මනසට නොව සර්වඥතා නුවණටම වැටහෙන
සන්තා =ශාන්ත වූ
පණිතා = ප්‍රණිත වූ
අතක්කාවචරා = තර්කයෙන් බැසගත නොහැකිවූ
නිපුණා = සියුම් වූ
පණ්ඩිතවේදනීයා = ප්‍රාඥයන් විසින්ම
දත යුතු බවය. භාග්‍යවතුන් වහන්සේ මේ දෘෂ්ටි හටගැනීමේ ආකාරය දක්වා ඒවායින් මිදෙන අයුරැද දක්වා වදාළසේක බ්‍රහ්මජාල සූත්‍රය කියවන්න. දීඝ නිකාය පළමු සූත්‍රය.
No comments:
Post a Comment