Wednesday, March 23, 2011

මිත්‍යාවන්ට තද පහරක්

එක්තරා ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු සිටී. ඹහු තර්ක ශීලීය. විමර්ශණ ශීලීය. ඔහු තර්කයෙන් විමර්ශණයෙන් ඈතිකරගත් තමාගේ වැටහීමට අනුව මෙසේ සිතයි.ඈස කණ දිව කය කියා යමක් වේද එය අනිත්‍යයවේ.අසාස්වත වේ.අස්ථිරවේ. නමුදු සිත මනස විඤානය කියා යමක් වේද එය නිත්‍යය. සාස්වතය. වෙනස්නොවන සුලුය. මෙවන් වූ මිත්‍යා ධර්මයක ඹහු පිහිටා ඇත.
භාග්‍යවතුන් වහන්සේ එයිනුත් එහාට ගිය යථාර්ථය දැන්නා බවත්.එය දන්නා බව පරාමර්ෂණය නොකරන බවත් තමාතුළම නිවිගොස් වේදනාවන්හි හට ගැනිම නැතිවීම ආස්වාදය ආදීනවය නිස්සරණය දක්නා බවත්. බ්‍රහ්මජාල සූත්‍රයේදී වදාළසේක.

No comments:

Post a Comment