Wednesday, February 9, 2011

සත්‍යය ආකාර හතරකින් ක්‍රියාත්මක වේ

සත්‍යය ආකාර හතරකින් ක්රියාත්මක වේ. එය සත්‍යයේ ස්වභාවයයි
දුක
දුක හේතු සහිතව හට ගැනීම
දුක අවබෝධ කළ යුතු බව
දුක අවබෝධ කිරීමට මාර්ගයක් තිබීම
සත්‍යය යනුවෙන් අප අවබෝධ කළයුතු දෙය මෙසේ හතර ආකාර වෙයි.
දුක සත්‍යයක් බව බුදු රඡාණන් වහන්සේ දේශණා කළේ එය සේ වන නිසාය
යථාර්ථය එලෙසින්ම දේශණා කිරීම බුදු වරැන්ගේ නිසග ලක්ෂණයයි
දුක නිර්මාණය වූයේ අපගේම අවිද්‍යාව නිසාය ඒ පිළිබදව ​කිසිවෙකුට චෝදනා කිරීමෙන් පලක් නැත ​වෛද්‍ය වරයා රොගයත් පෙන්වා එයට බෙහෙතුත් පෙන්වා එය පානය කිරීමෙන් අනිවාර්යයෙන් සුවය ඒකාන්ත බව කීවෙ නම් එය කීමෙන් ​වෛද්‍ය වරයා විශිෂ්ට පුදුගලයෙකුවේ
සත්‍යය තේරැම් ගැනීමට අපහට අපහසු වී ති​බෙන්නේ අප විසින් අසිමිත ලෙස අසත්‍යය කයින් වදනින් සිතින් පුරැදු කර ඈති හෙයින්ය. පුරැද්ද යනු මහා පුදුමාකාරදෙයකි.
බොහෝ කලක් හුරු වූ දෙයක් අතහැර ගැනීමේ අපහසුව ඔබ තේරැම් ගෙන ඈතැයි සිතමි
පුරැද්ද නැති කර ගැනීම​ට සිහි කල්පනාව හා උත්සාහය අවශ්‍ය බවද ඔබ තේරැම් ගෙන ඈතැයි සිතමි මෙම නිසා අප කළ යුත්තේ සත්‍යය අවබෝධයට අවශය කරැණු සතුටින් සැහැල්ලුවෙන් සම්පාදනය කිරීමයි .
අපගේ පැරණි මාර්ගය තුලින් අපට දුක සියුම්ව නිර්මාණය කොට දෙන බවත් නව දහම් මාර්ගය ඡිවිතයට පුදුමාකාර සතුටක් සැහැල්ලුවක් ලබා දෙන බවත් ඔබ අත් විදීවි
නමුත් ඔබ ආධුනික නම් ඔබේ වැරදි අදහස්ම ඉස්මතුවීම වේගවත්ය ඉවසන්න තේරුම් ගන්න නුවණති වන්න ක්රමානු කූල උපදෙස් පිළිපදින්න

No comments:

Post a Comment