Wednesday, February 9, 2011

හුදෙකලාව

හුදෙකලාවට අපේ හිත හරි බයයි. ජනාකීර්ණ බවෙන් මිදිලා මහ වනයක දිය ඈල්ලක් හරි වැවක් ලග හරි ඉන්න ඈත්නම් කියලා අපි හුදෙකලාවට කැමති වෙනවා. ඒත් ඒක ඈත්තටම ඈත්ත නෙවෙයි. සියයට අනූ නමයකටම බෑ වැඩිකල් ඉන්න. ගිහින් ටික දවසක් ගියහම අපේ හිතට මහා තනිකමක් පාලුවක් බියක් ඈති වෙනවා. (මම මේක කියන්නේ අත් දැකීමෙන්) අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශණා කොට වදාලා කාමයන්ට හුරැවුණු අපේ හිත්වලට එක පාරටම හුදෙකලා බව හුරැකරන්න බෑ. ඒක​ට ක්රමානුකූල පුහුණුවක් ඕන. ගැඹුරැ හුදෙකලාව මුලදී භයානකයි. හැබැයි සමහරැන්ට පුලුවන්. ගැඹුරැ හුදෙකලාව අනිවාර්යයි කියන්නත් බෑ. එක දවසක් සිල් සමාදන් වෙලා හුදෙකලාවේ ඉන්න බැරි හිතක් නම් ගැඹුරැ හුදෙකලාවට හුරැ කිරීම අමාරුයි ඈත්තටම ධර්මය කියන්නේ පුදුමාකාර උපදෙස් වලින් පිරී ගිය දෙයක්. හරිම නම්‍යහීලියි. මේ නම්‍යශීලිත්වය ලිහිල් බවත් නෙවෙයි.තද බවත් නෙවෙයි. නුවණින් යුතු කාටවත් හානියක් නැති දෙයක්.

No comments:

Post a Comment