Wednesday, March 23, 2011

තේම්ස් නදිය, නිවියෝර්ක් නගරය, සිනමා පටය, භාග්‍යවතුන් වහන්සේගේ මහා කරැණාව

තේම්ස් නදිය අසබඩ සිහිල් සුලං හමායන සුනදර සැදෑවක පෙම්වතියගේ ආදර බස් මිමිනුමට කන්දී සිටින විට කොතරම් සතුටක් දැනෙනවාද.

විසල් නිවියෝර්ක් නගරයේ සුපිරි වෙළද සැල්වල සවාරිය කෙතරම් ආශ්වාදනීයද.

ඇත්තෙන්ම කරුණු යම් පමණකට එකතු වූ විට සතුට උපදවන්නට මේ සිතට ඈති හැකියාව මහා පුදුමාකාරය.

භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට අවැසි වූයේද පෙර පසු සිදුවන බාධාවලින් තොරව ඹබේ සිතේ සතුට සැමදා පවත්වන්නටයි.

නමුදු උන්වහන්සේ අපට පෙන්වා දෙන්නේ ඉහතින් කී ඹබ ලබන ( තේම්ස්, නිව්යෝර්ක්, ) සතුට කාලය විසින් වෙනස් කර දුකට හැරවෙන බවත් සැමදා සිතෙහි සතුට විදිය හැකි මාර්ගය අනුගමනය කළ යුතු බවත්ය.

භාග්‍යවතුන් වහන්සේ තේම්ස් නදිය අසබඩ සිහිල් සුලං හමායන සුනදර සැදෑවක පෙම්වතියගේ ආදර බස් මිමිනුමට කන්දී සිටින ඹබ හෙට දිනයේ ජීවිතයම අදුරු කරන නඩුවකට පැටලෙනවාට කැමති නැත.

විසල් නිවියෝර්ක් නගරයේ සුපිරි වෙළද සැල්වල සවාරිය අවසන් කර පසුදා ආදර දියණියගේ අකල් වියෝවෙන් වැළපෙනවා දකින්නට උන්වහන්සේ කැමති නැත. මෙයයි බුදු වරයෙකුගේ මහා කරැණාව.

උන්වහන්සේ ඹබට පෙන්වා දෙන්නේ බාහිර හේතුමත අවසන් නොවන සතුටයි. බිය නොවන්න . ඹය සතුට දෙගුණ තෙගුණ වනවා සහතිකයි. සිතන්න....

ඹබගේ පරිගණකයෙහි ලිපිගොණුවක ඹබ කැමතිම සිනමා පටයක් වෙයි. නමුදු එය පලුදු වූ විනාඩි 3ක පමණ කොටසකි.ඇත්තටම කිවහොත් එම සිනමා පටය හරියට පරිගණකයට කොපි වී නැත. ධාවනය වන්නේ විනාඩි 3ක් පමණි.

මිතුරෙක් ඹබට සම්පූර්ණ සිනමා පටය කොපි කරගන්නට ගෙනැවිත් දෙයි. දැන් ඹබ පරිගණකයට කොපි කරන විට මේ නමින්ම කලින්ද ෆයිල් එකක් තිබෙන බව පවසා එය රිප්ලේස් කරන්නද අසයි. ඹබ මෙය Yes කළ විට ඹබට කලින් තිබූ විනාඩි 3නේ ෆයිල් එක වෙනුවට සම්පූර්ණ සිනමා පටයම ලැබෙයි.

භාග්‍යවතුන් වහන්සේද  සත්තිස් බෝධිපාක්ෂික ධර්ම මගින් ඹබේ සිතේ සුලු සතුට වෙනුවට ලබා දෙන්නේ මුලු මහත් සතුටයි.

සිතට යම් සතුටක් දැනුණු විට සිතන්න බාහිර දෙයින් අවසන් නොවී සැමවිට රැදෙන සතුට ගැන.

ඔබගේ පෑන් පේජ් එකෙහි ලක්ෂගණනක් පෑන්ස් ලා අතරින් සියයට අනූනවයක්ම ටීන්ස් වයසේ ගැහුණු ළමයින්ය.

සිතන්න ........................................................................................................................................................................................ඔබ ලොව පුරා ප්රසිද්ධ පාපන්දු තරැවකි. වයස තවම අවුරැදු 21 කි. සුපිරි වෙළද සමාගම් හා ඔබ ඈතිකරගෙන ඈති ගිවිසුම් නිසා යම්තම් රැව පෙන්වන ඈසිල්ලට වෙළද සමාගමෙන් ඔබටඩොලර් කෝටි ගණන් ලැබේ. ඔබ එහෙමෙහෙ ඈවිදිමින් කාළය ගෙවන්නේ යුරෝපා රටවලය. ඔබ වෙසෙන සුපිරි නිවසෙහි බිත්තියක් වැසෙන්නට ඈති සුවිසල් ඉ-තිරයට ලොවපුරා තොරතුරැ සිනමා පට ගීත ඈල්බම් ගලා එයි. ඔබගේ පෑන් පේජ් එකෙහි ලක්ෂගණනක් පෑන්ස් ලා අතරින් සියයට අනූනවයක්ම ටීන්ස් වයසේ ගැහුණු ළමයින්ය. ඔවුන් ඕනෑම කෙනෙක් ඔබ හා චැට් කරන්නට එක පයින් සූදානමින් සිටී. ඔබගේ පෙම්වතිය පිරපුන් සුන්දරත්වය ඈති පුංචි සුරගනකි. සුපිරි වෝල්වෝ රථයේ නැගී ඔබ ඈය හා මල් වරැසාවේ අනන්තයට යන පාර දිගේ සැරි සරන්නේය.ඈපල් සමාගමෙන්  ලැබුණු අයි-පෑඩ් එකෙන් මැක් බුක් එයාර් වලින් ඈය ලග නැතිවිට සල්ලාපයේ යෙදෙන්නේය. අහා ඔබ විදින සැප! ජීවිතය සුන්දරද මෙතරම්. ඔබ කියනු ඈති.

මේ අතර කාමයන්ගේ ආදීනව ගැන දේශනා කරන භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ඔබට අසන්නට ලැබේ. ඔබ මේ මොහොතෙහි ගතකරන දිවිය ගැන හිතා මත් වී ඔබ භාග්‍යවතුන් වහන්සේට ද්වේශ කරනු ඈත. උන්වහන්සේගේ රැව යට ඈදුමකට අදිනු ඈත. උන්වහන්සේගේ රැව රැගත් සපත්තු පළදිනු ඈත. බාර් එකක් සදහා බුද්ධ බාර් වැනි නමක් යොජනා කරනු ඈත.

අපොයි ඔබට වැරදී ඈති තරම ! භාග්‍ය වතුන් වහන්සේට අවශ්‍ය ඔබ ඔය කලින් කියූ සැප සදාකාලිකව ඔබ සමග තියන්නට කියා ඈයි ඔබට තේරැම් ගන්න බැරි.

නමුදු උන් වහන්සේට ඔබ වෙනුවෙන් සත්‍යය සගවන්නේ නැතිව කියන්නට සිදුවූනි.මන්ද මෙම සත්‍යය පසක් කිරීමෙන් ඔබ, පෙර-පසු

තැවීමෙන් තොර, අනාගත බියකින් තොර, ශාන්තිය අත්දකින නිසාය

උන්වහන්සේට අවැසි වූයේ ලෙඩ නොවන ජීවිතයකි

වයසට නොයන  ජීවිතයකි     

ප්‍රිය දේ අත්හරින්නට නොවන දිවියකි     

අප්‍රියදේ හා එකතු නොවන දිවියකි     

අමරණිය දිවියකි

උන්වහන්සේ එය නියම ක්රමයෙන් සොයාගත් සේක.උන්වහන්සේ ජයගත් සේක.

පැවතුණු පවතින අනාගතයේ ඈතිවිය හැකි දුකට සදාකාලිකව ආයුබෝවන් කීසේක.

නමුදු ඔබ සැපය කියා සිටින දෙය සැබැවින්ම සැප නොවන අතර දුකනම් වූ අමිහිරි දෙයෙහි නිර්මාපකයා බව ඔබ තේරැම්ගෙන නැත.

දුක ඈත්තේ ඔබ ළගය ඊට හේතුව ඈත්තේද ඔබ ළගය

ඉදින් ඈයි ඔබ චොදනා කරන්නේ. ඔබට සත්‍යය නොවැටහෙන්නේ ඔබ ගොඩනගාගත් ඔබේම ලෝකය නිසාය.

බුදුරජානන් වහන්සේ ඔබ රැවටී සිටින කාමයන් අතහරින්න කීවේ ඔබේ සැපය උදුරාගෙන නොවේ.ඒවෙනුවට ධ්‍යාන සුවය-කාමයෙන්

වෙන්වීමේ සුවය ළබා දෙමින්ය. අනිත්‍ය වූ ධ්‍යාන සුවයෙහි අනිත්‍ය බව පෙන්වූයේ නිරෝධ සුවය ඔබ අතට ලබා දීමෙනි.

කොටින්ම කියතොත් අනිත්‍ය වු වේදයිත සුවයෙන් ඔබ මෑත් කලේ අවේදයිත සුවය ඔබ අතට ලබා දීමෙනි.

ඉගෙන ගෙන අවුලක් ද ? අහුවෙලාද ? බ්‍රහ්මජාල සූත්‍රය කියවා මහා වැටහීම ලබාගන්න.

සමස්ථ බ්‍රහ්මජාල සූත්‍රය ගත්විට එය පෙරත් මෙකලත් මතුවටත් ඈතිවන දෘෂ්ටි මතවාද තර්ක විද්‍යාවන්ට මරු පහරකි. මන්ද යත් එය සියලු කල්හි සියලු ආකාරයෙන් ඈතිවන සියලු දෘෂ්ටි හට ගැන්මේ මූල ස්වභාවය දක්වන නිසාය.

අද අප ඈතැම් තර්ක නගන්නේ තමා මේ මේ කරැණ දන්නවාය කියාය. නමුදු භාග්‍යවතුන් වහන්සේ දක්වන්නේ මිත්‍යා දෘෂ්ටි ඈතිවීම මහා චිත්ත වර්ධන හුරැ කළ අයටත් සිදුවන බවය. බ්‍රහ්මජාල සූත්‍රයේ උන්වහන්සේ පෙන්වා දෙනවා යම් පුද්ගලයන්

ආතප්පමන්වාය = උත්සාහකොට

පධානමන්වාය =වීර්ය කොට

අනුයොගමන්වාය = පුන පුනා විර්ය වඩා

අප්පමාදමන්වාය = පමා නොවී

සම්මාමනසිකාරමන්වාය = හොද මෙනෙහි කිරීමකින් යුතුව

සංවට්ට විවට්ට කල්ප දක්වා පෙර ජීවිත දැකිමේ හැකියාව ලබාගෙන එම දෘෂ්ටියට හසුවීම නිසා ඹහුට පසක් වූ සත්‍යයක් සේ රැවටෙන බවය. මෙවන් දෘෂ්ටි ගණනාවක් මෙම සූත්‍රයේ සදහන්ය. අතින්ද්‍රිය ඥාන ලද්දෝ මෙසේ හසු වේනම් කෙටි කාල පරාසයක් තුල ඈසූ දුටු ලෝකය හා මෙවලම් උපමානයන් භාවිත කොට අප අද ඉදිරිපත් කරන ගොඩනගා ගත් තර්ක මතවාද කොතරම් දිළිදුද. භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාරන්නේ උන්වහන්සේගේ දහම මෙතරම්ම

ගම්භීරා = ගැඹුරුවූ

දුද්දසා =  සාමාන්‍ය මනසට නොව සර්වඥතා නුවණටම වැටහෙන

සන්තා =ශාන්ත වූ

පණිතා = ප්‍රණිත වූ

අතක්කාවචරා = තර්කයෙන් බැසගත නොහැකිවූ

නිපුණා = සියුම් වූ 

පණ්ඩිතවේදනීයා = ප්‍රාඥයන් විසින්ම

දත යුතු බවය. භාග්‍යවතුන් වහන්සේ මේ දෘෂ්ටි හටගැනීමේ ආකාරය දක්වා ඒවායින් මිදෙන අයුරැද දක්වා වදාළසේක බ්‍රහ්මජාල සූත්‍රය කියවන්න. දීඝ නිකාය පළමු සූත්‍රය.

මිත්‍යාවන්ට තද පහරක්

එක්තරා ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු සිටී. ඹහු තර්ක ශීලීය. විමර්ශණ ශීලීය. ඔහු තර්කයෙන් විමර්ශණයෙන් ඈතිකරගත් තමාගේ වැටහීමට අනුව මෙසේ සිතයි.ඈස කණ දිව කය කියා යමක් වේද එය අනිත්‍යයවේ.අසාස්වත වේ.අස්ථිරවේ. නමුදු සිත මනස විඤානය කියා යමක් වේද එය නිත්‍යය. සාස්වතය. වෙනස්නොවන සුලුය. මෙවන් වූ මිත්‍යා ධර්මයක ඹහු පිහිටා ඇත.
භාග්‍යවතුන් වහන්සේ එයිනුත් එහාට ගිය යථාර්ථය දැන්නා බවත්.එය දන්නා බව පරාමර්ෂණය නොකරන බවත් තමාතුළම නිවිගොස් වේදනාවන්හි හට ගැනිම නැතිවීම ආස්වාදය ආදීනවය නිස්සරණය දක්නා බවත්. බ්‍රහ්මජාල සූත්‍රයේදී වදාළසේක.