අපගේ භාග්‍යවතුන් වහන්සේ තර්කයට ලබා දුන්නේ සුලු තැනකි. මන්ද අසත්‍යය සත්‍යය ලෙස පෙන්වන්නට තර්කයට මහත් හැකියාවක් ඈති නිසාවෙනි. නමුදු ලොව බිහිවී ඇති බොහෝ දර්ශන මතවාද බොහෝදෙනාට සත්‍යය ලෙස පෙන්වන්නේ තර්කයෙනි. බොහෝදෙනා සත්‍යයය ලෙස රැවටී සිටිනුයේ තර්කයටයි. තර්කය ඉක්මවා ගිය ප්‍රත්‍යක්ෂය බොහො මිනිසුනට ස්පර්ෂකිරීම අපහසුය.
නූතන විද්‍යාව තර්කය, දැකීම, ආකාර වශයෙන් නිගමනවලට එලඹීම, ආදී සාධක මත පිහිටා වැඩෙන්නකි. එය සත්‍යය පසක් කිරීමට කිසිසේත් යෙදාගත නොහැක. නමුදු එය මෙවලමක් ලෙස භාවිත කළ හැකිය. හදවත් සැත්කමට වෛද්‍ය විද්‍යාව මෙවලමකි. වස්තූන් පරිහරණය කරන අපහට යන්ත්‍ර සූත්‍ර නිපදවීමට යොදාගන්නා විද්‍යාත්මක න්‍යායන් මෙවලම්ය. අවසානයේ විද්‍යාවෙන් යොදාගන්නා සියල්ල පඨවි ආපෝ තේජෝ ධාතූන්ගේ හුදු ක්‍රියාකාරීත්වයම වන්නේය. එය බැලූබැල්මට විස්මිතය. නමුදු ඹබ සත්‍යාවබෝධය සොයා යන්නෙතු නම් හොදින් විද්‍යාව ඉගෙන ගන්න. එයින් ලබන ප්‍රයොජන වලට ස්තූතිවන්ත වන්න.ගරු කරන්න. නමුදු සත්‍යය ලෙස නොපිළිගන්න. මේ සියල්ල ස්පර්ෂ කරන්නා වූ ධර්මය අනුගමනය කරන්න.
සිත සුවපත් කරන ජීවිතය සැහැල්ලු කරන සිංහල දහම් ලිපි, දහම් සිතුවිලි, උතුම් දහම ඇසුරින්. (Sinhala Dhamma Letters, Dhamma Desana, by Sinhala language.)
Friday, December 31, 2010
Friday, December 10, 2010
සුන්දරම ඉගෙන ගැනීම
සුන්දරම ඉගෙන ගැනීම
ජීවිතය ගැන ඉගෙන ගැනීමයි
එහි තිබෙන රසවත් භාවය ඉමහත්ය
භාග්‍යවතුන් වහන්සේ ගේ දහම
නියම පිළිවෙලට අන්ගමනය කළහොත්
මුලු ජීවිතයම සුවපත් වනවාය කියනුයේ එහෙයිනි
ධර්මයේ කියැවෙන්නේ ජීවිතය ගැනමය
ජීවිතයෙන් පරිබාහිර කිසිවක් ධර්මයේ ඉගැන්වෙන්නේ නැත.
දෙව් ලොව ඉපදීම බඔ ලොව ඉපදීම නිරයෙහි ඉපදීම පවා අප අත් දකින්නාවූ ජීවිතයටම සබැදි වූ කරුණුය.
ඒවා දකින්නට බුදු රජානණ් වහන්සේ අපට මග කියා ඇත. දියුණු කළයුතු ඉන්ද්රියන් පෙන්වාදී ඇත.
නොපෙනෙන දේය කියා ඒගැන නොසිතා සිටීම ජීවිතයේ යථාර්ථය අතහැරීමක්ය.

සුත්ත නිපාත සොදුරු වියමන්
සැඩ ගං වතුර හමුවෙහි
ජර-මරු දෙදෙන වසයෙහි
විල මැද සිටින සතහට
කියනෙම් දිවයින
...රැකගන්න කිසිත් නැති
ඈදගන්න රිසිත් නැති
බව ම දිවයිනයි එම
අනෙකකට නොවන සම
නිවන යැයි එයම මම
හදුන්වමි එයයි නම
ජරද එහි දිරුණු වැනි
මරුද එහි මැරුණු වැනි
(සුත්ත නිපාතය.)
(ග්රන්ථය - උත්තරීතර හුදෙකලාව)
Image http://www.facebook.com/photo.php?fbid=1838620808224& set=a.1280014643419.41896.1321626253&ref=nf
සිත දමනය අපහසු අපේ වරද නිසාමය
සිත දමනය මෙතරම් අපහසු අනාදිමත් කාලයක් තිස්සේ අප විසින් සංසුන් බව වෙනුවට නොසන්සුන් බව විරාගය වෙනුවට රාගය සිහිය වෙනුවට අවසිහිය පුරැදු කළ නිසාවෙනි.
රැයෙහි ප්රිය සාදයට සහභාගී වී නිවසට පැමිණි සැනින් භාවනාවට ඉදගැනීම ඉමහත් දුෂ්කර වුවද දිනක් පමණ ධාර්මික සිතුවිලි වලින් කල්ගත කළ විට පහසුය. වැඩි වැඩියෙන් භාවනාව පුරැදු කළ විට ඹබ කළබල කාරී නොසන් සුන් බව වෙනුවට සන්සුන් භාවනාව දෙසටම නැමෙන්නේය.

Sunday, November 21, 2010
දැන් දැන් අමනුෂ්‍යයන් පිළිබඳ අසන්නට ලැබෙන පුවත්වල ප්‍රමාණය වැඩිවීමක් පෙනෙනවා. ඒට හේතුව කුමක් විය හැකිද?
දැන් දැන් අමනුෂ්‍යයන් පිළිබඳ අසන්නට ලැබෙන පුවත්වල ප්‍රමාණය වැඩිවීමක් පෙනෙනවා. ඒට හේතුව කුමක් විය හැකිද?
"බුද්ධ ශාසනය බබළන කාලවල දී වැඩිවෙන්නේ දෙව් පිරිසයි. ඊට හේතුව බොහෝදෙනා ධර්මයේ හැසිරීමයි. එසේ ධර්මයේ හැසිරෙන අය මරණින් මතු දෙවියන් අතරයි උපදින්නේ. ඒත් බුද්ධ වචනය නොඇසී යනවිට, ධර්මයේ හැසිරෙන පිරිස හීන වන විට මිය යන අය අසුර පිරිස් අතරයි උපත ලබන්නේ. එවිට අමනුෂ්‍ය ගහනය වර්ධනය වෙනවා."
ඈත්තටම ධර්මය දියුණු නොකළ ජීවිතය ගැන හිතන කොට මහා බයක් ඈතිවෙනවා. විවිධ විශයන් ගැන දෙස් විදෙස් පතල සම්මානනීය පුද්ගලයන්ගේ මරණ මංචකයේ විස්තර අසන්නට ලැබෙන්නේ අඩුවෙන්. ඈතැම් විට හිතාමතාම හංගනවා. විවිධ හැකියාවන් පුරැදු කොට ජනප්රිය වුවද සිත හැදීමට අදක්ෂවු බොහෝදෙනා මරණාසන්නයේ දොඩවන විකාර හා හැසිරෙන අයුරු හරිම සංවේග ජනකයි.
ඔය මොන දක්ෂකම් තිබුනත් හිත හදන එකට නම් තැන දෙන්න ඕන .

ඉන්ටර්නෙට් නැත පේස්බුක් නැත ඈපල් පෝන් නැත. ඩිජිටල් කැමරා නැත.මිතුරැ හවුල් නැත.පෑන්ස්ලා නැත.
චිලී රාජ්‍යයෙන් වාර්තා වූ කම්කරැවන් පතලක සිරවී සිටීමේ පුවත දෙස ලංව සංවේදීව ධර්මානුකූලව විමසා බැලූවිට මා සිතට ගලා ආ අදහස් පෙළක් මේසේ ඔබ හමුවෙහි තබන්නෙමි.
මෙහිදී ඔවුන් ගොඩට ගැනීමේ මෙහෙයුම ගැන ඔවුන් දැන ගන්නට කලින් කාල පරාසය ගැන සිත යොමු කරන විට මා හට සංසාරයේ ඈති මානසික කායික දුක ගැන මනාව පසක් විය.ගොඩවන්නට කිසිදු විවරයක් මගක් නොමැති විට කුහරය තුළ ඈති වාතය ඉවර වී මැරෙන දිනය එන තුරු දැන දැන හිදින්නට වීමේ අත්දැකීම මා සිත කීරි ගසන අත්දැකීමක් විය. මේ අද අපි ජීවත් වන ලෝකයෙහි මෙවන් මරණ බොහෝ සිදු වනබව ඔබ දන්නවාද? භූමි කම්පා පස් කදු ගොඩ නැගිලි කඩා වැටීම වලදී ඈතැම් මිනිසුන් මිය යන්නේ ඒ මොහොතේ නොවේ. ඈතැම්හු කිසිවෙකු ගේ ඈසට හසු නොවීමේ හේතුවෙන් කඩා වැටීම් වලදී සෑදෙන කුහර වල වාතව ඉවර වන තුරැ සති ගණන් හිද මියයති. සිතන්න සිතන්න ඒ කාල පරාසය කාල අන්තරයන් ගැන. තත්පර විනාඩි පැය දින වලින් සැදුම් ලත් කාල පරාසය ඒ පුදගලයා ගෙවා දමන මානසිකත්වයේ ඈති අමිහිරි බව ගැන. තත්පර විනාඩි දින සති මාස වලින් සැදුම් ලත් මෙවැනි කාල අපිට සංසාරයේ කොයිතරම් අත් දකින්න ලැබේවිද සංසාරයේ යන්න කැමති වුනොත්.
දැන් ඒ අය ගොඩගත්ත වෙලාවේ ඈති වුණ සිතුවිලි ගැන සිතන්න යාන්තම් ඈති කියා අමුතුම සැහැල්ලුවක් ඈතිවෙන්න ඈති. බයිපාස් සැත්කමක් කොට මරණයට 99% කුත් ජීවිතයට 1% කුත් සහතික ඈති බව සහතිකයක් ලැබී අවසානයේ සුවය ලැබවාට්ටුවෙන් පිට වී එන රෝගියාගේ මානසිකත්වය ගැන සංවේදීව සිතන්න. එළියේදී ලැබෙන හිරැ කිරණ එහා මෙහා ඈවිද යන මිනිසුන් වාහන ගහ කොළ දකින විටආයෙමත් නැවුම්ව උපදින බලාපොරොත්තු
ඈත්ත ඒ සතුට අපි හිත පුරා විදිය යුතුය. නමුත් ඔබ පිළිගන්න කැමතිද මේ අනතුරින් ගැලවුණාට අනාගතයේ ඔබට අනන්ත වාරයක් සොදුරැ නිවහනින් පිටවී බෙහෙත් ගද ගහන ලේ ගද ගහන ඔබේම ලේ බේසම් ගණන් ගලන සැත්කම් සදහා රෝහල් ගත වන්නට සිදුවන බව.
ඉදින් සම්මා සම්බුදු කෙනෙකු දහම් දෙසන්නේ මේ දුකින් මිදෙන්නට බව ඔබ දන්නවා නේද? නැවත බේරාගැනීමක් අවැසි නොවන මහා බේරා ගැනීම එය නේද? අනාගතය ගැන බියක් කම්පනයක් සිතේ තබා නොගෙන ගැලවෙන්නට වෙර දරමු නේද?
සංසාරයේ අප යන හැම තැනම ඉන්ටර්නෙට් නැත පේස්බුක් නැත ඈපල් පෝන් නැත. ඩිජිටල් කැමරා නැත.මිතුරැ හවුල් නැත.පෑන්ස්ලා නැත. මැක් ඩොනල්ඩ්ස් නැත.
පොහොසත් නිවසේ මහලු හිමිකරු
නගරාසන්නයේ නිවෙසක කතාවකි. මෙම නිවස පිහිටා ඈත්තේ සුපිරි ධනවතුන්ට අයත් නිවාස තැනෙන වීදීයකය. සුලුවෙන් පටන් ගත් ව්‍යාපාරයක් දියුණුවේ හිණිපෙත්තට ගෙනා ඔහු මේ නිවසේ හමි කරැවාය.
නිවසේ ගරාජයේ සුපිරි වෝල්වෝ රථය නවතා ඈත. නිවස එකම සිනමා හලකි. තම පුතුන් විසින් ලොව බිහිවන නවීනතම බහුමාධ්‍ය උපකරණ එහි සවිකර ඈත. නිවසෙහි සියලු සැලසුම් Latest ගෘහ නිර්මාණ කලාවට අනුවය.
සැප සම්පත් මෙසේය.
නමුදු මේ නිවසෙහි හිමි කරැ අසූ වියැතිය. සිහි කල්පනාවද මදින් මද ක්ෂය වෙමින් පවතී.
පොහොසත් නිවසේ මහලු හිමිකරු සම්භන්දව මා කියන සටහන මෙපමණක්ම වන අතර ධර්මය සිහි කිරීම ඔබට භාර කරමි.

Subscribe to:
Comments (Atom)