Friday, December 31, 2010

නූතන විද්‍යාව, තර්කය, දැකීම, ආකාර වශයෙන් නිගමනවලට එලඹීම, (Western Modern Science and Buddhism )

අපගේ භාග්‍යවතුන් වහන්සේ තර්කයට ලබා දුන්නේ සුලු තැනකි. මන්ද අසත්‍යය සත්‍යය ලෙස පෙන්වන්නට තර්කයට මහත් හැකියාවක් ඈති නිසාවෙනි. නමුදු ලොව බිහිවී ඇති බොහෝ දර්ශන මතවාද බොහෝදෙනාට සත්‍යය ලෙස පෙන්වන්නේ තර්කයෙනි. බොහෝදෙනා සත්‍යයය ලෙස රැවටී සිටිනුයේ තර්කයටයි. තර්කය ඉක්මවා ගිය ප්‍රත්‍යක්ෂය බොහො මිනිසුනට ස්පර්ෂකිරීම අපහසුය.


නූතන විද්‍යාව තර්කය, දැකීම, ආකාර වශයෙන් නිගමනවලට එලඹීම, ආදී සාධක මත පිහිටා වැඩෙන්නකි. එය සත්‍යය පසක් කිරීමට කිසිසේත් යෙදාගත නොහැක. නමුදු එය මෙවලමක් ලෙස භාවිත කළ හැකිය. හදවත් සැත්කමට වෛද්‍ය විද්‍යාව මෙවලමකි. වස්තූන් පරිහරණය කරන අපහට යන්ත්‍ර සූත්‍ර නිපදවීමට යොදාගන්නා විද්‍යාත්මක න්‍යායන් මෙවලම්ය. අවසානයේ විද්‍යාවෙන් යොදාගන්නා සියල්ල පඨවි ආපෝ තේජෝ ධාතූන්ගේ හුදු ක්‍රියාකාරීත්වයම වන්නේය. එය බැලූබැල්මට විස්මිතය. නමුදු ඹබ සත්‍යාවබෝධය සොයා යන්නෙතු නම් හොදින් විද්‍යාව ඉගෙන ගන්න. එයින් ලබන ප්‍රයොජන වලට ස්තූතිවන්ත වන්න.ගරු කරන්න. නමුදු සත්‍යය ලෙස නොපිළිගන්න. මේ සියල්ල ස්පර්ෂ කරන්නා වූ ධර්මය අනුගමනය කරන්න.

No comments:

Post a Comment