සිත සුවපත් කරන ජීවිතය සැහැල්ලු කරන සිංහල දහම් ලිපි, දහම් සිතුවිලි, උතුම් දහම ඇසුරින්. (Sinhala Dhamma Letters, Dhamma Desana, by Sinhala language.)
Sunday, November 21, 2010
ඉන්ටර්නෙට් නැත පේස්බුක් නැත ඈපල් පෝන් නැත. ඩිජිටල් කැමරා නැත.මිතුරැ හවුල් නැත.පෑන්ස්ලා නැත.
චිලී රාජ්‍යයෙන් වාර්තා වූ කම්කරැවන් පතලක සිරවී සිටීමේ පුවත දෙස ලංව සංවේදීව ධර්මානුකූලව විමසා බැලූවිට මා සිතට ගලා ආ අදහස් පෙළක් මේසේ ඔබ හමුවෙහි තබන්නෙමි.
මෙහිදී ඔවුන් ගොඩට ගැනීමේ මෙහෙයුම ගැන ඔවුන් දැන ගන්නට කලින් කාල පරාසය ගැන සිත යොමු කරන විට මා හට සංසාරයේ ඈති මානසික කායික දුක ගැන මනාව පසක් විය.ගොඩවන්නට කිසිදු විවරයක් මගක් නොමැති විට කුහරය තුළ ඈති වාතය ඉවර වී මැරෙන දිනය එන තුරු දැන දැන හිදින්නට වීමේ අත්දැකීම මා සිත කීරි ගසන අත්දැකීමක් විය. මේ අද අපි ජීවත් වන ලෝකයෙහි මෙවන් මරණ බොහෝ සිදු වනබව ඔබ දන්නවාද? භූමි කම්පා පස් කදු ගොඩ නැගිලි කඩා වැටීම වලදී ඈතැම් මිනිසුන් මිය යන්නේ ඒ මොහොතේ නොවේ. ඈතැම්හු කිසිවෙකු ගේ ඈසට හසු නොවීමේ හේතුවෙන් කඩා වැටීම් වලදී සෑදෙන කුහර වල වාතව ඉවර වන තුරැ සති ගණන් හිද මියයති. සිතන්න සිතන්න ඒ කාල පරාසය කාල අන්තරයන් ගැන. තත්පර විනාඩි පැය දින වලින් සැදුම් ලත් කාල පරාසය ඒ පුදගලයා ගෙවා දමන මානසිකත්වයේ ඈති අමිහිරි බව ගැන. තත්පර විනාඩි දින සති මාස වලින් සැදුම් ලත් මෙවැනි කාල අපිට සංසාරයේ කොයිතරම් අත් දකින්න ලැබේවිද සංසාරයේ යන්න කැමති වුනොත්.
දැන් ඒ අය ගොඩගත්ත වෙලාවේ ඈති වුණ සිතුවිලි ගැන සිතන්න යාන්තම් ඈති කියා අමුතුම සැහැල්ලුවක් ඈතිවෙන්න ඈති. බයිපාස් සැත්කමක් කොට මරණයට 99% කුත් ජීවිතයට 1% කුත් සහතික ඈති බව සහතිකයක් ලැබී අවසානයේ සුවය ලැබවාට්ටුවෙන් පිට වී එන රෝගියාගේ මානසිකත්වය ගැන සංවේදීව සිතන්න. එළියේදී ලැබෙන හිරැ කිරණ එහා මෙහා ඈවිද යන මිනිසුන් වාහන ගහ කොළ දකින විටආයෙමත් නැවුම්ව උපදින බලාපොරොත්තු
ඈත්ත ඒ සතුට අපි හිත පුරා විදිය යුතුය. නමුත් ඔබ පිළිගන්න කැමතිද මේ අනතුරින් ගැලවුණාට අනාගතයේ ඔබට අනන්ත වාරයක් සොදුරැ නිවහනින් පිටවී බෙහෙත් ගද ගහන ලේ ගද ගහන ඔබේම ලේ බේසම් ගණන් ගලන සැත්කම් සදහා රෝහල් ගත වන්නට සිදුවන බව.
ඉදින් සම්මා සම්බුදු කෙනෙකු දහම් දෙසන්නේ මේ දුකින් මිදෙන්නට බව ඔබ දන්නවා නේද? නැවත බේරාගැනීමක් අවැසි නොවන මහා බේරා ගැනීම එය නේද? අනාගතය ගැන බියක් කම්පනයක් සිතේ තබා නොගෙන ගැලවෙන්නට වෙර දරමු නේද?
සංසාරයේ අප යන හැම තැනම ඉන්ටර්නෙට් නැත පේස්බුක් නැත ඈපල් පෝන් නැත. ඩිජිටල් කැමරා නැත.මිතුරැ හවුල් නැත.පෑන්ස්ලා නැත. මැක් ඩොනල්ඩ්ස් නැත.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment