දැන් දැන් අමනුෂ්‍යයන් පිළිබඳ අසන්නට ලැබෙන පුවත්වල ප්‍රමාණය වැඩිවීමක් පෙනෙනවා. ඒට හේතුව කුමක් විය හැකිද?
"බුද්ධ ශාසනය බබළන කාලවල දී වැඩිවෙන්නේ දෙව් පිරිසයි. ඊට හේතුව බොහෝදෙනා ධර්මයේ හැසිරීමයි. එසේ ධර්මයේ හැසිරෙන අය මරණින් මතු දෙවියන් අතරයි උපදින්නේ. ඒත් බුද්ධ වචනය නොඇසී යනවිට, ධර්මයේ හැසිරෙන පිරිස හීන වන විට මිය යන අය අසුර පිරිස් අතරයි උපත ලබන්නේ. එවිට අමනුෂ්‍ය ගහනය වර්ධනය වෙනවා."
ඈත්තටම ධර්මය දියුණු නොකළ ජීවිතය ගැන හිතන කොට මහා බයක් ඈතිවෙනවා. විවිධ විශයන් ගැන දෙස් විදෙස් පතල සම්මානනීය පුද්ගලයන්ගේ මරණ මංචකයේ විස්තර අසන්නට ලැබෙන්නේ අඩුවෙන්. ඈතැම් විට හිතාමතාම හංගනවා. විවිධ හැකියාවන් පුරැදු කොට ජනප්රිය වුවද සිත හැදීමට අදක්ෂවු බොහෝදෙනා මරණාසන්නයේ දොඩවන විකාර හා හැසිරෙන අයුරු හරිම සංවේග ජනකයි.
ඔය මොන දක්ෂකම් තිබුනත් හිත හදන එකට නම් තැන දෙන්න ඕන .

No comments:
Post a Comment