තමන් ධර්මය තුළ පිහිටමින් අටලෝ දහමට කම්පා නොවෙන හිතක් හදාගැනීමට මහන්සිවෙන්න ඕනැ. අටලෝ දහම ඉදිරියේ ඉතා ම දුක සේ දුක් සහිතව වාසයකිරීමක් තමයි අපිට තිබුනේ. ඒ නිසා ඒවායින් නිදහස්වෙලා සුවපහසු හිතක් හදාගන්න කල්පනාකරන්න.
ප්‍රශංසාවක් ලැබෙනකොට ඒකට කැමතියි ඒකට හිත යට වෙනවා. ඒ වගේ වෙලාවට සිහිකරන්න, "මේ ප්‍රශංසාවෙන් මට දුකෙන් නිදහස්වෙන්ට බෑ නේද කියල, වයසට යන ජීවිතයට ප්‍රශංසා ලැබිල, ප්‍රශංසාවෙන් ඒ වයසට යෑමෙන් නිදහස්වෙන්ට බෑ නේද" කියල හිතන්න. "වයසට යන ජීවිතයකට මොන ප්‍රශංසාවක්ද, කියල කල්පනා කරන්න. ලෙඩ වෙලා දුකට පත්වෙන ජීවිතයකයට මොන ප්‍රශංසාවක්ද? කියල සිහිකරන්ට. "මරණයට පත්වෙන ජීවිතයට මොන ප්‍රශංසාවක්ද" කියල සිහිකරන්න.
ප්‍රශංසාව ලැබෙනකොට, ඒ ප්‍රශංසාව නිසා අපි දුකෙන් නිදහස්වෙනවනම් ඒ ප්‍රශංසාව වටින එකක්. නමුත් ජාති, ජරා, මරණ දුකෙන් නිදහස්වෙන්ට අපිට ඒ ප්‍රශංසාවෙන් උපකාර නොවෙනවානම්, ඒ ප්‍රශංසාව අපිට වටිනා දෙයක් නෙවෙයි, නොවටිනා දෙයක්. අන්න ඒ විදිහට ඒ ලාභ, ප්‍රශංසා ආදී දේ ගැන සිහිකරන්න. ඒවට යටවෙන්ට එපා, ඒව පතන්න එපා. ඒව පැතුව කියල අපිට ඒව නිසා දුකින් නිදහස්වෙන්ට ලැබෙන්නෙ නෑ. ආයෙ ආයෙ දුකට යනව.
එතකොට නින්දාවක් ලැබෙනකොට, දුක්පීඩා ලැබෙනකොට, අලාභ ලැබෙනකොට ඒ ලෝකයේ ස්වභාවය කියල තේරුම්ගන්ට. මෙවැනි ලෝකයකින් නිදහස්වීම මයි වටින්නේ කියල තේරුම්ගන්න. එතකොට අපිට හිත අකුසලයට වැටෙන්ට නොදී ආරක්ෂාකරගන්ට පුළුවන්කම තිබෙනව.
Terance Thushara Silva සොයුරාට තුති.
Image Source : http://picasaweb.google.com/pichitlamken.j/Sukato

No comments:
Post a Comment