Tuesday, January 25, 2011

ක්ෂණ සම්පත්තිය අක්ඛණ සූත්‍රය ඇසුරින්

හිතන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයත්, සම්බුද්ධ ශාසනයත් එක විට ලැබෙනවා කියන්නේ, කෙනකුට ලැබෙන අතිදුර්ලභ භාග්‍යයක් තථාගතයන් වහන්සේ , ඒක ‘ක්ෂණ සම්පත්තිය ‘ හැටියටයි වදාළේ.

බුදු රජාණන් වහන්සේ “අක්ඛණ සූත්‍රයේ දී “ වදාළා ලෝකයේ ක්ෂණ සම්පත්තිය නැති අයමයි වැඩි, කියලා. නමුත් අපට දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ලොවුතුරු බුදු සසුන මුණ ගැහිල තියෙනවා. ඒ වගේම මේ වනකොට අපි ඉන්නේ, මිනිස් ලෝකයේ ඉතින්, අපි මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න මහන්සි ගන්න ඕන. මනුෂ්‍ය ජීවිතයෙන් ගත යුතු හැබෑම ප්‍රයෝජනය තමයි ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීම .


Monday, January 24, 2011

2011 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පණිවිඩයක්



හැකි හැමවිට ධර්මය අපතුළින් පුරැදු කරමු.
අවංකව සිහිය වඩමු.
තමා ධර්මය අවබෝධ කළ යුතු වග අවංකවම සිතට ගමු.
ඒ සදහා කාලය කළමනාකරණය කරගමු
පෝයට සිල් ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
......ඒක අබිනික්මනට හොද පෙරහුරුවක්.
විරාගී බව හුරු කිරීමක්.

මේ කරැණු කරමින්ම ධර්මය කතා කරමු.

හිතට දුක් දෙන දෙයින් මිදෙමු

තමන් ධර්මය තුළ පිහිටමින් අටලෝ දහමට කම්පා නොවෙන හිතක් හදාගැනීමට මහන්සිවෙන්න ඕනැ. අටලෝ දහම ඉදිරියේ ඉතා ම දුක සේ දුක් සහිතව වාසයකිරීමක් තමයි අපිට තිබුනේ. ඒ නිසා ඒවායින් නිදහස්වෙලා සුවපහසු හිතක් හදාගන්න කල්පනාකරන්න.

ප්‍රශංසාවක් ලැබෙනකොට ඒකට කැමතියි ඒකට හිත යට වෙනවා. ඒ වගේ වෙලාවට සිහිකරන්න, "මේ ප්‍රශංසාවෙන් මට දුකෙන් නිදහස්වෙන්ට බෑ නේද කියල, වයසට යන ජීවිතයට ප්‍රශංසා ලැබිල, ප්‍රශංසාවෙන් ඒ වයසට යෑමෙන් නිදහස්වෙන්ට බෑ නේද" කියල හිතන්න. "වයසට යන ජීවිතයකට මොන ප්‍රශංසාවක්ද, කියල කල්පනා කරන්න. ලෙඩ වෙලා දුකට පත්වෙන ජීවිතයකයට මොන ප්‍රශංසාවක්ද? කියල සිහිකරන්ට. "මරණයට පත්වෙන ජීවිතයට මොන ප්‍රශංසාවක්ද" කියල සිහිකරන්න.

ප්‍රශංසාව ලැබෙනකොට, ඒ ප්‍රශංසාව නිසා අපි දුකෙන් නිදහස්වෙනවනම් ඒ ප්‍රශංසාව වටින එකක්. නමුත් ජාති, ජරා, මරණ දුකෙන් නිදහස්වෙන්ට අපිට ඒ ප්‍රශංසාවෙන් උපකාර නොවෙනවානම්, ඒ ප්‍රශංසාව අපිට වටිනා දෙයක් නෙවෙයි, නොවටිනා දෙයක්. අන්න ඒ විදිහට ඒ ලාභ, ප්‍රශංසා ආදී දේ ගැන සිහිකරන්න. ඒවට යටවෙන්ට එපා, ඒව පතන්න එපා. ඒව පැතුව කියල අපිට ඒව නිසා දුකින් නිදහස්වෙන්ට ලැබෙන්නෙ නෑ. ආයෙ ආයෙ දුකට යනව.

එතකොට නින්දාවක් ලැබෙනකොට, දුක්පීඩා ලැබෙනකොට, අලාභ ලැබෙනකොට ඒ ලෝකයේ ස්වභාවය කියල තේරුම්ගන්ට. මෙවැනි ලෝකයකින් නිදහස්වීම මයි වටින්නේ කියල තේරුම්ගන්න. එතකොට අපිට හිත අකුසලයට වැටෙන්ට නොදී ආරක්ෂාකරගන්ට පුළුවන්කම තිබෙනව.

Terance Thushara Silva   සොයුරාට තුති.
Image Source : http://picasaweb.google.com/pichitlamken.j/Sukato

Wednesday, January 12, 2011

බුද්ධ චරිතය යථාර්ථයෙන් හා මූල ස්වභාවයෙන් සුන්දරය

මේවන තුරු කවදාවත් කවුරැවත් බුද්ධ චරිතය කරැණු සහිතව අපිරිසිදු කරලා නෑ. ඒක කරන්න බෑ.මේ කිසිවෙකුට වෙනස් නොකළ හැකි විශාරද ගුණයක්.ගොන් තර්ක වලින් නම් කරනවා. සීනි තිත්තයි කියලා කියන්න හැදුවත් සීනී පැණිරහ පැණි රහමයි. එක එක දේවල් කවලම් කළාට මූලික ස්වභාවය පැණිරහමයි.කවලම් කරන දේවල් සීනිවලට අදාල නෑ.

බ්‍රහ්මඡාල සූත්‍රය අපට කියන යථාර්ථය

භාග්‍ය වතුන් වහන්සේ සියලු ගැටලු වලට පිලිතුරැ දි තිබේ. අතීතයේ වූ ගැටලු, වර්තමානයේ පවතින ගැටලු, අනාගතයේ ඈතිවිය හැකි ගැටලු
මේවා සියල්ල විසදා අවසන්ය. අනාගතයේ මොන මොන ආකාරයෙන්
ප්රස්න නැගුවද ඒ සියලු දේ පැන නගින අයුරැද දුරැ කරන අයුරැද
බ්‍රහ්මඡාල සුත්‍රයේ දී දේශනා කොට අවසන්ය. මන්ද යත් උන්වහන්සේ දේවල් වල මූල ලක්ෂණය අවබෝධකොට අවසන්ය.
Image :  http://picasaweb.google.com/pichitlamken.j/Sukato