Friday, December 31, 2010

නූතන විද්‍යාව, තර්කය, දැකීම, ආකාර වශයෙන් නිගමනවලට එලඹීම, (Western Modern Science and Buddhism )

අපගේ භාග්‍යවතුන් වහන්සේ තර්කයට ලබා දුන්නේ සුලු තැනකි. මන්ද අසත්‍යය සත්‍යය ලෙස පෙන්වන්නට තර්කයට මහත් හැකියාවක් ඈති නිසාවෙනි. නමුදු ලොව බිහිවී ඇති බොහෝ දර්ශන මතවාද බොහෝදෙනාට සත්‍යය ලෙස පෙන්වන්නේ තර්කයෙනි. බොහෝදෙනා සත්‍යයය ලෙස රැවටී සිටිනුයේ තර්කයටයි. තර්කය ඉක්මවා ගිය ප්‍රත්‍යක්ෂය බොහො මිනිසුනට ස්පර්ෂකිරීම අපහසුය.


නූතන විද්‍යාව තර්කය, දැකීම, ආකාර වශයෙන් නිගමනවලට එලඹීම, ආදී සාධක මත පිහිටා වැඩෙන්නකි. එය සත්‍යය පසක් කිරීමට කිසිසේත් යෙදාගත නොහැක. නමුදු එය මෙවලමක් ලෙස භාවිත කළ හැකිය. හදවත් සැත්කමට වෛද්‍ය විද්‍යාව මෙවලමකි. වස්තූන් පරිහරණය කරන අපහට යන්ත්‍ර සූත්‍ර නිපදවීමට යොදාගන්නා විද්‍යාත්මක න්‍යායන් මෙවලම්ය. අවසානයේ විද්‍යාවෙන් යොදාගන්නා සියල්ල පඨවි ආපෝ තේජෝ ධාතූන්ගේ හුදු ක්‍රියාකාරීත්වයම වන්නේය. එය බැලූබැල්මට විස්මිතය. නමුදු ඹබ සත්‍යාවබෝධය සොයා යන්නෙතු නම් හොදින් විද්‍යාව ඉගෙන ගන්න. එයින් ලබන ප්‍රයොජන වලට ස්තූතිවන්ත වන්න.ගරු කරන්න. නමුදු සත්‍යය ලෙස නොපිළිගන්න. මේ සියල්ල ස්පර්ෂ කරන්නා වූ ධර්මය අනුගමනය කරන්න.

Friday, December 10, 2010

සුන්දරම ඉගෙන ගැනීම

සුන්දරම ඉගෙන ගැනීම
ජීවිතය ගැන ඉගෙන ගැනීමයි
එහි තිබෙන රසවත් භාවය ඉමහත්ය
භාග්‍යවතුන් වහන්සේ ගේ දහම
නියම පිළිවෙලට අන්ගමනය කළහොත්
මුලු ජීවිතයම සුවපත් වනවාය කියනුයේ එහෙයිනි


ධර්මයේ කියැවෙන්නේ ජීවිතය ගැනමය
ජීවිතයෙන් පරිබාහිර කිසිවක් ධර්මයේ ඉගැන්වෙන්නේ නැත.


දෙව් ලොව ඉපදීම බඔ ලොව ඉපදීම නිරයෙහි ඉපදීම පවා අප අත් දකින්නාවූ ජීවිතයටම සබැදි වූ කරුණුය.
ඒවා දකින්නට බුදු රජානණ් වහන්සේ අපට මග කියා ඇත.  දියුණු කළයුතු ඉන්ද්රියන් පෙන්වාදී ඇත.
නොපෙනෙන දේය කියා ඒගැන නොසිතා සිටීම ජීවිතයේ යථාර්ථය අතහැරීමක්ය.

සුත්ත නිපාත සොදුරු වියමන්

සැඩ ගං වතුර හමුවෙහි
ජර-මරු දෙදෙන වසයෙහි
විල මැද සිටින සතහට
කියනෙම් දිවයින

...රැකගන්න කිසිත් නැති
ඈදගන්න රිසිත් නැති
                                   බව ම දිවයිනයි එම
                                   අනෙකකට නොවන සම

                                  නිවන යැයි එයම මම
                                  හදුන්වමි එයයි නම
                                  ජරද එහි දිරුණු වැනි
                                  මරුද එහි මැරුණු වැනි
                                  (සුත්ත නිපාතය.)
                                  (ග්රන්ථය - උත්තරීතර හුදෙකලාව)
                               Image http://www.facebook.com/photo.php?fbid=1838620808224&             set=a.1280014643419.41896.1321626253&ref=nf

සිත දමනය අපහසු අපේ වරද නිසාමය

සිත දමනය මෙතරම් අපහසු අනාදිමත් කාලයක් තිස්සේ අප විසින් සංසුන් බව වෙනුවට නොසන්සුන් බව විරාගය වෙනුවට රාගය සිහිය වෙනුවට අවසිහිය පුරැදු කළ නිසාවෙනි.

රැයෙහි ප්රිය සාදයට සහභාගී වී නිවසට පැමිණි සැනින් භාවනාවට ඉදගැනීම ඉමහත් දුෂ්කර වුවද දිනක් පමණ ධාර්මික සිතුවිලි වලින් කල්ගත කළ විට පහසුය. වැඩි වැඩියෙන් භාවනාව පුරැදු කළ විට ඹබ කළබල කාරී නොසන් සුන් බව වෙනුවට සන්සුන් භාවනාව දෙසටම නැමෙන්නේය.
පින්වත් මහණෙනි සංසාරයේ ඔබ එලුවන් වී හිස සිදුම් වලට ලක්වී මරණයේදී ගලා ගිය ලේ මහසමුදුරේ දිය පරදන්නේය. අනමතග්ග සංයුක්තය.